සාලිය අශෝකා නවෝද්‍යා පාසල

පාසලේ ඉතිහාසය

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

P51.jpeg
Teachers1.jpeg

වයඹ පලාතට හා උතුරු මැද පළාතට මායිම්ව පිහිටි රාජාංගනය ජලාශයේ ඇති දකුණු හා වම් ඉවුර ලෙස කලාප දෙකකි. එයින් වම ඉවුරෙහි යාය 02 කොටසට අයත් ප්‍රදෙසහ්යේ පිහිටි අප පාසල අද වන විට රාජාංගනය ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම කීර්තිමත් පුරවැසියන් දායාද කරන පින් බිමකි.

 

වර්ෂ 1968 මැයි මස 08 වන දින එක් ගොඩනැගිල්ලකින් "ජයරාජ විද්‍යාලය" ලෙසින් ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ජේ.ඒ. ජයසුන්දර මහතාය. සිසු දරුවන් 05 දෙනෙකු සමඟින් ආරම්භ කළ පාසලේ මුල්ම වීදුහල්පථි තුමන් වන්නේද එතුමා ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.

සිසුන් ප්‍රමාණය දිනෙන් දින වැඩිවත්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. එක් ගොඩනැගිල්ලක් ප්‍රමාණවත් නොමැති බැවින් ප්‍රදේශයේ ධානපතියන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් හා ගම වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් තවත් ගොඩනැගිල්ලක් පිළිසකර කර තිබේ. 

වර්තමානය වන විට පන්ති කාමර සඳහා ගොඩනැගිලි 06, කාර්යාලයීය ගොඩනැගිල්ලක්, විද්‍යාව විෂය සඳහා විද්‍යාගාරයක්, IT විද්‍යාගාරයක්, ගෘහ විද්‍යාගාරයක්, කෘෂි විද්‍යාගාරයක්, ක්‍රීඩා පිටියක්, ගුරු නිවාස 4ක් ආදී ලෙස භෞතික සම්පත් ප්‍රමාණයක් පාසල සතුව තිබේ.

 

පාසලේ අධ්‍යාපන කටයුතු 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන්නේ අ.පො.ස. උසස් පෙළ සඳහා කලා අංශයද සහිතවය.

 

පාසලේ විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 38ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 2කින් සමන්විතය. 1000 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී.

 

"ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

 

 

ආරම්භ කළ වර්ෂය

1968-05-08

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

ජේ. ඒ. ජයසුන්දර මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ මුල් නම

ජයරාජ විද්‍යාලය

පාසලේ වර්තමාන නම

සාලිය අශෝකා නවෝද්‍යා පාසල